උතුරේ ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

(08.11.2018 – 20:10 +0530 – hirunews.lk/sinhala)

‍උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පැවැති ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදි.

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි රැස් වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ද එක්ව සිටියා.

එහිදී ඉකුත් මාස දෙක තුළ උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරුණු සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සතුට පළ කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ ඉතා ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සදහා එක්වන්නැයි සියලු පාර්ශ්වයන්ට ආරාධනා කළා.

******************************************

ව්‍යාජ ඇමතුම් සෙවීමට නිපදවූ අලුත්ම යෙදවුම

(08.11.2018 – 20:04 +0530 – hirunews.lk/sinhala)

අන්සතු දුරකථන අංක හරහා ඇමතුම් ලබාදීමේ තාක්ෂණය හසුකර ගැනීම සදහා නව ජංගම දුරකථන යෙදවුමක් සොයාගැනීමට මෙරට තරුණයෙකු සමත්ව තිබෙනවා.

ඔහු සදහන් කලේ ව්‍යාජ ඇමතුම් හරහා තමා ද වින්දිතයෙකු වු පසු මෙම නව යෙදවුම නිර්මාණය කළ බවයි.

විවිධ යෙදවුම් හා වෙබ් අඩවි හරහා ඔබේ දුරකථන අංකයෙන් ඔබ නොදැනුවත්වම තවත් පුද්ගලයෙකුට දුරකථන ඇමතුම් ලබාදීමේ තාක්ෂණයක් ඇති බව හිරු ප්‍රවෘත්ති හරහා පසුගිය අගෝස්තු මාසයේ මෙලෙස හෙළිදරව් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *