කතානායක කරුට එරෙහිව පැමිණිලි ගොනු කෙරේ.. දඬුවම වසර 10 ක් හිරේ..

කථානායක අද (07) නිල නොවන හමුවක

(07.11.2018 – 19:07 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද (07) පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේ දී පැවැත්විණි.

එදින න්‍යායපත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වූයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවයි.

අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.

දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බවයි.

දැනට පවතින ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ජනිතව ඇති විදේශ ආයෝජන ක්ෂේත්‍රයෙහි හා කොටස් වෙළඳපොලහි බිඳවැටීම මෙන්ම ආර්ථිකයට සිදුවෙමින් පවතින අහිතකර බලපෑම් ද කඩිනමින් සමනය කර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසනීය තත්වයක් එතුළින් ගොඩනගාගත හැකිවනු ඇතැයි කථානායකවරයා අවධාරණය කළේය ෴

+++++++++++++++++++++

07.11.2018

+++++++++++++++++++++

කතානායක කරුට එරෙහිව පැමිණිලි ගොනු කෙරේ.. දඬුවම වසර 10 ක් හිරේ..

(07.11.2018 – 18:35 +0530 – lankacnews.com)

ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේදී කතානායක කරු ජයසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය.

ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුලත සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු සහිතව පැමිණිල්ල ගොනු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ කතානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා පැවසුවේ 1994, 20 අංක දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසුරිය මහතා වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිර දඩුවම් ලැබිය හැකි වරදක් බැලූ බැල් මට කර ඇති බවයි.

ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් පැමිණිල්ල ගොනු කරන අවස්ථාවට සහභාගී වූහ.

– nuta

+++++++++++++++++++++

Speaker’s action unlawful; benefits former PM, says NUTA

(08.11.2018 – dailymirror.lk)

The National University Teachers’ Association (NUTA) yesterday (07) complained to the Bribery Commission against Speaker Karu Jayasuriya.

NUTA, in its complaint signed by three University academics, said the Speaker’s acts, done in favour of the wrongful or unlawful benefit or to confer a favour or advantage to former Prime Minister Ranil Wickremesinghe, would amount to corruption as defined by Section 70 of the Bribery Act as amended by Act No 20 of 1994.

The NUTA said the Speaker did this by claiming that the Prorogation of Parliament by the President was unconstitutional, knowing very well such to be false in view of the clear provisions given in Article 33(2) (C) and Article 70 of the Constitution whereby unfettered and sole powers of Prorogation of Parliament are conferred on the President.

It said:

“The Speaker did this by giving the impression that the former Prime Minister Ranil Wickremesinghe still holds office by public pronouncements, making public pronouncements distorting the provisions of the Constitution and refusal to accept the appointment of the new Prime Minister Mahinda Rajapaksa appointed by the President by arrogating powers not conferred by the Constitution to him.

“Karu Jayasuriya while holding the post of the Speaker of Parliament which falls within the definition of a Public Servant in terms of the Bribery (Amendment) Act No. 20 of 1994 has thereby committed, in our view an offence falling within the definition of corruption in terms of Section 70 of the Bribery (Amendment) Act no. 20 of 1994 punishable inter alia by imprisonment up to 10 years upon finding guilty.”

The complaint was signed by Prof. Channa Jayasumana, Dr Maduruoya Dhammissara Thera and Senior Lecturer Raja Gunaratne.

+++++++++++++++++++++

කතානායක කරු ආපසු හැරේ.. මහින්ද අගමැති ලෙස යලි පිලිගනී..

(07.11.2018 – 23:01 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයා විසින් ගැසට් කර ඇති පරිදි පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා කැදවීමට කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද කැදවා තිබූ පක්‍ෂ නායකයන්ගේ නිල නොවන හමුවේදී සදහන් කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයන් මත ආසන පැනවීමටත් එහිදී අගමැති අසුන මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමටත් කතානායකවරයා එකග වී තිබේ.

කෙසේ වෙතත් මීට දිනකට පෙර කතානායකවරයා නිවේදනය කරන ලද්දේ තමන් මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තෙක් තමන් පිලිගන්නනේ පාර්ලිමේන්තුවේ පෙර තිබූ තත්වය බවයි ෴

+++++++++++++++++++++

කොටස් වෙලදපල කඩා වැටිලා.. ආර්ථිකය නැවතිලා.. පලමු දවසේම පාර්ලිමේන්තුවේ බහුතරය සොයන්න ඕනෑ.. – කතානායක

(08.11.2018 – 06:22 +0530 – lankacnews.com)

කථානායක මාධ්‍යය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා 2018-11-07 දින පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේ දී පැවැත්විණි.

එදින න්‍යායපත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වූයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගරු ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන් කර එදිනට සභාව කල්තැබිය යුතු බවයි.

අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.

දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැළසිය යුතු බවයි.

දැනට පවතින ව්‍යාකූල තත්වය හේතුවෙන් ජනිතව ඇති විදේශ ආයෝජන ක්ෂේත්‍රයෙහි හා කොටස් වෙළඳපොලහි බිඳවැටීම මෙන්ම ආර්ථිකයට සිදුවෙමින් පවතින අහිතකර බලපෑම් ද කඩිනමින් සමනය කර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසනීය තත්වයක් එතුළින් ගොඩනගාගත හැකිවනු ඇතැයි කථානායකවරයා අවධාරණය කළේය.

– කථානායක මාධ්‍යය අංශය

+++++++++++++++++++++++++++++++++++

08.11.2018
08.11.2018
08.11.2018
08.11.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *