මැතිවරණයකට යන්න ජනපති-අගමැතිගෙන් මැකොට උපදෙස්

(07.11.2018 – 16:13 +0530 – sinhala.adaderana.lk)

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහාතා පවසයි.

මැතිවරණයකට යන්න ජනපති-අගමැතිගෙන් මැකොට උපදෙස්

අද (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණ නව ක්‍රමයට පැවත්වීමට නොහැකි නම් මනාප ක්‍රමයට හෝ පැවැත්වීමට එහිදී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව මන්ත්‍රීවරයා පැවසීය.

ලබන 14 වනදාට නිත්‍යානුකූල වශයෙන් රැස් වන පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන්පසු සභාව එක් දිනක් සඳහා කල් දැමීටට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ලබන 14 රැස්වීමට නියමිත් පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීම සඳහා අවශ්‍ය නොවන බවත් එහිදී අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

07.11.2018

+++++++++++++++++++++++++++++++++++

07.11.2018

+++++++++++++++++++++++++++++++++++

පොලීසියේ වැඩ ජනපතිගේ වචනෙට පමණයි – පොලිස්පති

(07.11.2018 – 13:36 +0530 – sinhala.adaderana.lk)

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ, විධායකයේ ප්‍රධානියා සහ නිතීය හා සාමය හා පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

අද (07)පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පතිවරය සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍යවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලද ආරක්ෂක නිලධාරීන් පිළිබඳ 2015.11.09 දින ඉදිරිපත් කරන ලද පොලිස්පති චක්‍රලේකයේ ප්‍රතිපාදන යන්ට අනුව අදාළ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට ලබාදී ඇති බව ඔහු සඳහන් කරයි.

ඊයේ (06) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බවත් එවා ක්‍රියාත්මක කළ නොහැකි බවත් පොලිස්පතිවරයා පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *