ETI දූෂිත ගනුදෙනුවලට පසුගිය රජයේ අනුග්‍රහය ලැබුණා – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

(06.11.2018 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ දූෂිත ගණුදෙනුවලට එවකට පැවති රජයන් හි අනුග්‍රහය ලැබී තිබූ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.

එම තැන්පතුකරුවන් විසින් අද (06) කොළඹ කැදවා තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය මෙම සම්මන්ත්‍රණයට එක්වෙමින් කියා සිටියේ තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට පැවති රජය කටයුතු නොකළ බවයි.

******************************************

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ එක් මැදිරියක් ගිණිගනී

(06.11.2018 – 18:11 +0530 – hirunews.lk/sinhala)

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ එක් මැදිරියක් අද (06) ගිනිගෙන තිබෙනවා.

ඒ අලව්ව සහ අඹේපුස්ස දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදීයි.

කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *