බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයාගේ සහතිකය

(06.11.2018 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල බව බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා.

ට්විටර් පණිවුඩයකින් ඔහු අවධාරණය කරන්නේ ශ්‍රි ලංකාවේ තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියා නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී එරට මන්ත්‍රිවරයෙකු ප්‍රශ්න කර තිබුණා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ මයිකල් නෙස්බි සාමිවරයා සිය ට්විටර් ගිනුම හරහා ප්‍රතිචාර දැක්වුවා.

+++++++++++++++++++++++++++++++++++

07.11.2018

+++++++++++++++++++++++++++++++++++

එජාපයෙන් පොලිස් මූලස්ථානයට ලිපියක්

(06.11.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala)

රනිල් වික්‍රමසිංහට, අග්‍රාමාත්‍යවරයාට හිමි ආරක්ෂාවත්, සෙසු මැති ඇමතිවරුන්ට ඊට අදාළ ආරක්ෂාවත් ලබාදෙන ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පොලිස් මූලස්ථානයට ලිපියක් භාරදුන්නා.

නලින් බණ්ඩාර, දයා ගමගේ සහ පාලිත තෙවරප්පෙරුම යන අය ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණ අදාළ ලිපිය භාරදී තිබෙනවා.

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *