Day archives: මාර්තු 31st, 2018

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට සිට ක්‍රියාත්මකයි

(31.03.2018 – 19:01 +0530 – sinhala.adaderana.lk) නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි. 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් …

අපේක්ෂා රෝහලේ අපේක්ෂාවන් ඉටුවෙමින් පෙට් ස්කෑනර් යන්ත්‍රය අප්‍රේල් 1 ජනතා අයිතියට

(31.03.2018 – 09:39 +0530 – sinhala.adaderana.lk) පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මඟින් ශ්‍රී ලංකාවට ගෙන් වූ අතර එය …

උදයංග පිටුවහල් කරන්න

(31.03.2018 – 12:30 +0530 – hirunews.lk/sinhala) ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වහාම මෙරටට පිටුවහල් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වන …

හන්තාන බෞද්ධ මධ්‍යස්ථානය කඩා දැමුවේ කවුද ?

(30.03.2018 – 19:25 +0530 – hirunews.lk/sinhala) උඩරට අමරපුර මහ නිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිදදමා විනාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු පිරිසකට පොලීසියෙන් බාධා එල්ලවුණා. අමරපුර මහ නිකාය සතු මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කිසියම් …

වෙසක් දිනවල තොරණ සහ දන්සල් තහනම් කිරීමක් නැහැ

(30.03.2018 – 20:53 +0530 – sinhala.adaderana.lk) වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැති බව රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ : වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැහැ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය වෙසක් සහ පොසොන් පොහෝ …