Day archives: මාර්තු 28th, 2018

ඉල්ලා අස්වන්නැයි එජාපෙ නායකයින් අගමැතිට දැනුම්දීමට යයි

(28.03.2018 – 13:28 +0530 – hirunews.lk/sinhala) විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර තිබෙනවා. සුවසිරිපායේ ඊයේ (27) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට එළඹි බවයි එම පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, …

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

(28.03.2018 – colombotoday.com) මෙරට රණවිරුවන් යුධ අපරාධ කර ඇති බවට අසත්‍ය කරුණු මත පදනම්ව හැදූ දරුස්මාන් වාර්තාව පිළිගනිමින් ඇමරිකාව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීම තුළින් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවා දුන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. හිටපු විදේශ අමාත්‍යවරයා ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දිමට එකවූයේ ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව බවත්, …

හිටපු ජනාධිපතිවරුන් හතරදෙනකුගේ වාහන සමඟ කේපීගේ නැවත් ගැඹුරු මුහුදේ ගිල්වයි

(26.03.2018 – 16:16 +0530 – lankadeepa.lk) යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි. මේවායේ …

මට මෙහෙම වැඩ කරන්න බෑ – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

(28.03.2018 – mawbima.lk) ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දෝෂ දර්ශනයට ලක් කොට තිබේ. ජනාධිපතිවරයා මෙසේ දෝෂ දර්ශනයට ලක් කර තිබෙන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ තීන්දුව සති දෙකක කාලයක් ලබා දෙන ලෙසට සංවර්ධන …

අප්‍රේල් 1 න් පස්සේ ජනතාව මත අසීමිත බදු බරක් – ආචාර්ය බන්දුල ගුණවර්ධන

(27.03.2018 – 18:52 +0530 – sinhala.adaderana.lk) අප්‍රේල් පළමුවැනිදායින් පසු ජනතාව මත අසීමිත බදු බරක් පැටවෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ දේපල විකිණීමේදීද බදු …

වලාන දූෂණ මර්දන නිලධාරීන්ට කාමරයක් තුළ සිර කර පහර දෙයි – 2 ක් රෝහලේ – 3 ක් හිරේ

(27.03.2018 – 21:00 +0530 – sinhala.adaderana.lk) බේරුවෙල බාපද්දාකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දුම්වැටි අලෙවිකරන ස්ථානයක් වැටලීමට ගිය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පහරදී තිබේ. එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේය. බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ වෙළඳ සැලක නීති විරෝධී දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක …