Day archives: මාර්තු 27th, 2018

කම්කරු දින සැමරුම මැයි 7 වනදා – මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක්

(27.03.2018 – 15:55 +0530 – hirunews.lk/sinhala) මෙවර වෙසක් උත්සවය යෙදී ඇති දින වකවානු සම්බන්ධයෙන් වන මහා සංඝරත්නයේ ඉල්ලීම් සළකා බලමින් මැයි මස 1 වනදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7 වනදා පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අප්‍රේල් 29 වනදාට යෙදී ඇති අතර, වෙසක් සතිය තුළ කම්කරු දින සැමරුම් …

අගමැති බේරාගන්න බැදුම්කර මුදල් පොම්ප කරයි.. මන්ත‍්‍රි ලංසුව තවත් ඉහලට..

(27.03.2018 – 14:10 +0530 – lankacnews.com) මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා උපයා ගත් මුදල් විශ්වාසභංගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ බේරා ගැනීම සඳහා යොදා ගනිමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. විශ්වාසභංග යෝජනාව කරළියට පැමිණීමත් සමඟම මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් ද ඉහළ ගොස් තිබෙන බව පැවසූ රණතුංග මහතා අගමැතිවරයාට රැකගැනීම සඳහා …

අද ඊලාම් සටන කෙරෙන්නේ වන්නි යුධබිමේ නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි.. යහපාලන රජය දැනටමත් ඉන් පරාදයි…

(27.03.2018 – 18:48 +0530 – lankacnews.com) ප්‍රභාකරන් වසර 30 ක් පුරා උතුරේ කැලෑ වල ඊලමක් වෙනුවෙන් කල යුද්ධය අද දෙමල ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ප්‍රභාකරන්ට වඩා සාර්ථකව කරන බව ජීනීවා වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඩනගා ආපසු පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. ‘‘මෙවර යුද්ධය සදහා ඔවුන් තෝරාගෙන තිබෙන යුධ පිටිය එක්සත් …

ග්ලයිෆොසෙට් තහනම ඉවත් වෙයිද? විශේෂඥ කමිටුවක් පත් කරයි

(27.03.2018 – 14:16 +0530 – sinhala.adaderana.lk) ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කළ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අදාළ කමිටුව සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අංශ නියෝජනය වන පරිදි පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. එහි නිරීක්ෂකයින් ලෙස අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නවීන් දිසානායක, දුමින්ද දිසානායක …

විකෘති කළ මුදල් නෝට්ටු මාරු කිරීමේ කාලය මාර්තු 31 දිනෙන් අවසන්

(27.03.2018 – 16:10 +0530 – sinhala.adaderana.lk) මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී …