Day archives: මාර්තු 26th, 2018

ඉතාලියට පැන්න මධූෂ් ස්විට්සර්ලන්තයෙන් දේශපාලන රැකවරණය ඉල්ලයි

(26.03.2018 – gossiplankanews.com) ඩුබායිහි රැඳී සිටිමින් මෙරට පාතාලය සහ මත්කුඩු ජාවාරම මෙහෙයවන ‘මාකඳුරේ මධුෂ්’ ස්විත්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට උත්සාහයක නිරත වෙමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ. ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබාගැනීමට ඔහු මෙයට මාසයකට පෙර සිට අවශ්‍ය ම ලියකියවිලි පවා සකස් කර අදාළ ස්ථානවලාට යොමුකර ඇතැයි බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරුවල සඳහන්ය. …

සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය : මාර්තු 28

(26.03.2018 – 13:36 +0530 – hirunews.lk/sinhala) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (28) දිනයේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් විභාගයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. විභාග විෂමාචාර ක්‍රියාවල නිරතවීම ඊට හේතුවී තිබෙනවා. විභාග විෂමාචාර ක්‍රියාවල නිරතවීම සම්බන්ධයෙන් අයදුම්කරුවන් 2798 දෙනෙකුට චෝදනා …

ඇමති සුජීවගේ ලේකම්වරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

(26.03.2018 – 12:08 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගලගේ නිවසට අද (26) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මාළඹේ – අයි. ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ මෙම නිවස පිහිටා ඇති අතර, වෙඩි තැබීමෙන් නිවසේ ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාගේ පෞද්ගලික …

මුලතිව් මුහුදේ අත්භූත යෝධ පක්ෂියෙක් සැරිසරයි..! සේයාරූ මෙන්න..!!

(26.03.2018 – News e Lanka) මුලතිව් මුහුදට සමාන්තරව 24 දා සවස යෝධ පක්ෂියකු පියාසර කොට තිබේ. මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මෙම යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹනු ධීවරයින් දැක තිබේ. මෙම පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ කිසිදු ධීවරයෙකු විසින් දැක නොමැති පක්ෂියකු නිසා එම පක්ෂියා පිළිබඳව විවිධ මත හා එම පක්ෂියාගේ නම …