Day archives: මාර්තු 24th, 2018

උණට බෙහෙත් ගන්න ගිය සිඟිත්තා යතුරු පැදියේ ගැටී මරුට – රෝහල් බලධාරීන්ට ඥාතීන්ගෙන් චෝදනා එල්ල වු හැටි

(23.03.2018 – 20:41 +0530 – sinhala.adaderana.lk) හම්බන්තොට දෙබරවැව ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් සිව් හැවිරිදි දරුවෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් අද දෙරණට වාර්තා විය. කෙසේ වෙතත් දරුවන්ගේ මව්පියන් චෝදනා කරන්නේ තිස්සමහාරාම මූලික රෝහලේ නිලධාරීන්ගේ නොසැළකිල්ල දරුවාගේ මරණයට හේතු වූ බවයි. තිස්සමහාරාම නැදිගන්විල පදිංචි පෙර පාසල් වියේ පසු වූ සදෙව් තීක්ෂණ උණ රෝගයට ප්‍රතිකාර ගැනීම …

කළුතර ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා ජලය කැපේ

(23.03.2018 – 15:56 +0530 – hirunews.lk/sinhala) කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා පෙරවරු 8 සිට පැය 11 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. …