Day archives: මාර්තු 23rd, 2018

ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි.. වකුගඩු ලෙඩ ගැන ලෝකයේම අංක එකේ විද්වතාගේ පරීක්‍ෂණයෙන් සනාථයි..

(23.03.2018 – 13:20 +0530 – lankacnews.com) ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා කැස කවන්නේ අමුතුවෙන් මතු වූ අලුත් පිරිසක් නොවන බවත් පසුගිය අවුරුදු 7-8 කාලය තුළ ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිසම බවත් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම පිලිබඳ මාධ්‍යවේදීන් පැන නැගි ප්‍රශ්න හමුවේ ඒ මහතා මෙසේ …

ඔබව ජනාධිපති කරවීම සිහිනයක්.. තවත් හිටියොත් එජාපය විනාශයි.. – එජාප සන්නිවේදන ලොක්කා සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න..

(23.03.2018 – 15:00 +0530 – lankacnews.com) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර මහතා විසින් දරනු ලැබූ සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වෙමින් අගමැතිවරයා වෙත යොමු කර ඇති ලිපිය සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත. පිටු හතකින් යුතු එම දීර්ඝ ලිපිය පහතින් දැක්වෙයි. මේ අතර අද පෙරවරුව …

අමාරුවෙන් හදාගත් දරුවා මරාදාන්න ආණ්ඩුව තීරණය කරලා – පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ

(22.03.2018 – 10:56 +0530 – lankadeepa.lk) මේ වස විෂ නැති ගොවිතැන පාරමිතාවක්. අද මේ ගමනේ ප්‍රතිඵල නෙළාගෙන එන අවස්ථාව, දැන් මොකද වෙන්නේ මේ දුෂ්කර ගමන මේ පැළ කරගත් බීජය, දුෂ්කරව හදාගත්තු දරුවා සම්පූර්ණයෙන් මරලා දාන්න මේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. මේ තීන්දුව ආවාම මගේ ඇස්දෙකට කඳුළු ආවා. අපි මොකටද? මේ රටේ ජීවත්වෙන්නේ කියලා හිතුණා. කිසිකෙනෙකුගේ …

ඉස්කුරුප්පු නියනකුයි යකඩ උලකුයි අරගෙන හොර කල්ලියක් ගෙවල් 18 කට කරපු වැඩේ

(23.03.2018 – 11:30 +0530 – sinhala.adaderana.lk) ඉස්කුරුප්පු නියනක හා යකඩ උලක ආධාරයෙන් නිවෙස්වල දොරගුලු කඩා නිවාස 18 ක ඇතුල්වී රුපියල් ලක්ෂ ගණනක දේපල සොකරම් කළ සොර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලීසිය සමත්විය. සැකකරුවන් සන්තකයේ තිබී ස්වර්ණාභරණ, LCD රූපවාහිනි, කැමරා, ජංගම දුරකථන, රිදි භාණ්ඩ ලැප්ටොප් පරිඝණක ඇතුලු රුපියල් ලක්ෂ 30 ක වටිනාකම ඇති දේපල අත්අඩංගුවට ගෙන …

කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විෂ වායුවක් ආඝ්‍රාණය වී දෙදෙනෙක් මරුට

(23.03.2018 – 12:10 +0530 – sinhala.adaderana.lk) දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පිහිටි විදේශීය රටවලට කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් ඊයේ (22) රාත්‍රියේදී එහි සේවය කරමින් සිටි සේවිකාවක හා සේවකයකු මියගොස් ඇතිබව දඹුල්ල පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂාන් ජයවර්ධන 19 තරුණයෙකු සහ දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචි එච්. එම්. ජී. …

ජාත්‍යන්තර අධිකරණයකට ජිනීවා යළි බලපෑම් කරයි

(22.03.2018 – 18:16 +0530 – sinhala.adaderana.lk) මෙරට වර්ධනය වෙමින් පවතින මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිළි කිරීමට රජය අපොහොසත් වී ඇති නිසා ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය ඇති විශේෂ අධිකරණයක් සථාපිත කල යුතු බවට වන මතය ශක්තිමත් වන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. මෙරට වගවීමේ සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධ‍යෙන් මානව හිමිකම් කවුන්සිලයේ …

පාතාලේ මධූෂ් පසුපස ප්‍රබල ත්‍රස්ත සංවිධානයක්

(23.03.2018 – 12:21 +0530 – hirunews.lk/sinhala) මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි. මේ නරුම පාතාල නායකයා බිහිකළේ LTTE සංවිධානය බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා. මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ මාකඳුර නමැති ගම්මානයේ …

රනිල් එලවන්න විශ්වාස භංගයට ඡන්දය දෙන්න ශ‍්‍රීලනිප සියළු දෙනා සූදානම්..

(23.03.2018 – 00:02 +0530 – lankacnews.com) ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ සිටින සියළු දෙනා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයේදී ඡන්දය ලබා දෙන බව රාජය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි. විශ්වාස භංගයේ ඉදිරිපත් කර ඇති කාරණා 14 කියවා බැලූ විට ඒවා පිලිගැනීමට සිදුවන බවද ඔහු කියා සිටියේය. ++++++++++++++++++++++++++++ ++++++++++++++++++++++++++++ එජාප බලකණු ගැලවී යයි.. අගමැතිගේ …

‘සමලිංගික’ විෂය පෙර පාසැල් හා පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකඟ වේ..

(23.03.2018 – 03:24 +0530 – lankacnews.com) බුද්ධාගම, කතෝලික යන ආගම්වලින් ද මෙරට නීතියෙන් ද ප්‍රතික්ෂේප කොට ඇති සමරිසි චර්යාවන් පෙර පාසලේ සිට උගන්වන්නට ජාතික එකඟතාවක් (National Commitment) ලබා දුන්නේ කවුදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා ප්‍රශ්න කර සිටී. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා …