Day archives: මාර්තු 15th, 2018

හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

(15.03.2018 – 12:44 +0530 – lankadeepa.lk) හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තුවක් නිකුත් කළාය. මීට පෙර අධිකරණය විසින් මහ බැංකු බැඳුම්කර මුල්‍ය වංචාව පිළිබඳව පවත්වනු ලබන මහේස්ත්‍රාත් විමර්ශනයේ පළමු සැකකරු වන මහේන්ද්‍රන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද …

ෆේස්බුක් ප්‍රවේශයට පැවති අවහිරතා ඉවත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(15.03.2018 – 12:59 +0530 – hirunews.lk/sinhala) ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම වළක්වාලමින් පනවා තිබූ තාවකාලික අවහිරය ඉවත් කරමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි එය සක්‍රීය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ කොමිෂන් සභාවට අද (15) නියෝග කළා. ඒ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේ තීරණ …

කොළඹ – මීගමුව බස් වර්ජනයට අධිවේගි මාර්ගයේ බස් රථත් එක්වෙයි

(15.03.2018 – 15:49 +0530 – hirunews.lk/sinhala) කොළඹ – මීගමුව සහ කොළඹ – හලාවත මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාර්ග අංක 240 කොළඹ – මීගමුව පෞද්ගලික බස් රථ රියදුරන් අද (15) උදෑසන වර්ජනයක් ආරම්භ කළේ හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන්ගෙන් තමන්ට විවිධ හිරිහැර එල්ල වන බව පවසමින්. කෙසේ …

සෞඛ්‍ය ඇමති සහ ලේකම් අත්අඩංගුවට ගන්නැයි සයිටම් දෙමාපියන් ඉල්ලයි

(15.03.2018 – 19:13 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා අත්අඩංගුවට ගත යුතු බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය පවසනවා. එහි කැඳවුම්කරු ගැමුණු විජේරත්න මහතා කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ව්‍යාජ ක්‍රියාවක් බවයි. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අලෙවි කිරිමට තීරණය කර ඇත්තේ රෝහල …

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇතැයි සනාථ කරන්න නව පනත් දෙකක් සම්මතයි..

(15.03.2018 – 15:50 +0530 – lankacnews.com) ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති මේ සිරිසේන – වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව, ජාතික බුද්ධි බලකායේ නිලධාරීන් රැසක් දඩයම් කිරීමේ මෙහෙයුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික …

මාළඹේ තොරතුරු තාක්ෂණික ආයතනයේ (SLIIT) සිසුවියන් දෙදෙනෙකුගේ ලැප්ටොප් ඉස්සූ එම ආයතනයේම සිසුවා රිමාන්ඩ්

(14.03.2018 – gossiplankanews.com) මාළඹේ තොරතුරු තාක්ෂණික ආයතනයේ (SLIIT) හි ඉගෙනුම ලබන අවසන් වසරේ හා දෙවන වසරේ සිසුවියන් දෙදෙනෙකුට අයත් රුපියල් 85,000 ක් හා 74,000 ක් වටිනා නවීන ලැප්ටොප් පරිගණක දෙකක් සොරකම් කිරීම නිසා එම ආයතනයේම අධ්‍යාපනය හදාරණ සිසුවෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත් විය. මෙම සිසුවා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර පොලිසියට සිසුවියන් කළ පැමිණිල්ලෙන් පසුව …

ෆේස්බුක් සමාගම සතු ශ්‍රී ලංකාවේ ගිණුම්වල තොරතුරු හෙළිවෙයි

(15.03.2018 – nethnews.lk) ෆේස්බුක් සමාගම ශ‍්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් මගින් මාසිකව උපයන ආදායම රුපියල් කෝටි 50 ක් පමණ වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ෆේස්බුක් ගිණුම් හිමියන් වෙත දැන්වීම් ප‍්‍රදර්ශනයෙන් සහ ඇතැම් ෆේස්බුක් ගිණුම් හිමියන් ව්‍යාපාරික හා ප‍්‍රචාරණ අරමුණු සඳහා පළ කරන දැන්වීම් මගින් මෙම ආදායම උපයාගන්නා බවයි අනාවරණ වී ඇත්තේ. මෙරට පුද්ගලයන්ට අයත් ෆේස්බුක් ගිණුම් …

අල්ලස් ලබාගැනීමේ චෝදනාවට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2 ක් අත්අඩංගුවට

(15.03.2018 – 06:54 +0530 – sinhala.adaderana.lk) අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මහරගම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන නීති නිලධාරියෙකු සහ සූත්‍ර කමිටු සාමාජිකයෙකු වන ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ …