Day archives: මාර්තු 12th, 2018

FB අයිතිය වෙනුවෙන් ගම්මන්පිල පාරට බහින්න සුදානම්

(12.03.2018 – 15:53 +0530 – sinhala.adaderana.lk) ෆේස් බුක් සමාජ ඡාලය තුළ ප්‍රකාශන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් තරුණ තරුණියන් දහස් ගණනක් සමඟ තමා ද පාරට බැසීමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. අද (12) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. මහනුවර ඇති වු ගැටුම …

සමාජ ජාලා වාරණය තවත් ඉදිරියට.. අනෙක් මාධ්‍යවලටත් වාරණ..

(12.03.2018 – 15:50 +0530 – lankacnews.com) මහනුවර ගැටුමට මුවාවී තමන්ගේ ඒකාධිපති ගමන තහවුරු කරගන්නට ආණ්ඩුව කැසකවමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. සමාජජාලා වෙබ් අඩවි තහනම් කිරීම එහි එක් පියවරක් බව පැවසූ රණතුංග මහතා ‍වැඩිකලක් යන්න මත්තෙන් රටේ අනෙකුත් මාධ්‍යවලටත් වාරණ පැනවෙනු ඇති බවත් ලබ්බට තැබූ අතම …

VPN හැකරුන් ලක්වැසියන්ගේ Password සොරාගනී..

(12.03.2018 – 11:20 +0530 – lankacnews.com) VPN හැකරුන් ලක්වැසියන්ගේ සියළු Password සොරාගනී.. සංචාරක කීර්ති නාමය කෙලෙසෙයි.. සමාජ ජාලා තහනමේ කෙස් කෙලින් කරවන තිත්ත කතාව මෙන්න.. පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේදී ඇතිවුණු ජාතිවාදී සිදුවීමත් ඉන අනතුරුව එය සම්ජජාල හරහා පැතිරීමේ තිබුණු අවධානමත් නිසාවෙන් රජය මගින් සමජජාලා සහ සමහර පණිවිඩ හුවමාරු විදි ප්‍රමාණයක් (facebook, viber whatsapp වැනි ) රටතුල …

‘දැවැන්ත ජනමත සංහාරයක්…’ – ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

(12.03.2018 – 17:30 +0530 – lankacnews.com) ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : සමාජ මාධ්‍ය වාරණය දැවැන්ත ජනමත සංහාරයක පළමු පියවරයි… මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පාලනයට යැයි කියමින් පැය 72 ක කාලයකට ආණ්ඩුව පැනවූ සමාජ මාධ්‍ය වාරණය දින හයක් ගතවී ඇති මේ මොහොතේද ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීම මෙරට අදහස් …

පාතාල මදූෂ්ගේ ගෝලයින් ඇල්ලූ පසු ප්‍රබල ඇමතිවරයෙක් උරණ වී පොලිසියට බැණ වදී

(12.03.2018 – nethnews.lk) මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ප‍්‍රධානතම ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රබල ඇමතිවරයෙකු පොලීසියට දොස් පවරා ඇතැයි වාර්තා වනවා. වැලිගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට දුරකතනයෙන් අමතා අදාළ ඇමතිවරයා බැන වැදී ඇති බවද සඳහන්. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කෙටි කාලයක් තුළදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. අත්අඩංගුවට …

කැලණිය අවට ප්‍රදේශවලට පැය 9 ක් ජලය අත්හිටුවයි

(12.03.2018 – 10:18 +0530 – hirunews.lk/sinhala) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිය අවට ප්‍රදේශවලට හෙට (13) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. මේ අනුව හෙට (13) පෙරවරු 9 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ පෑලියගොඩ, වත්තල, නගර සභා බල ප්‍රදේශවලටයි. එමෙන්ම බියගම …

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් අවහිරතාවය ඉවත්කරන්න අමරිකාවත් මැදිහත් වෙයි

(11.03.2018 – nethnews.lk) ශ්‍රී ලංකාවට පනවා ඇති සමාජ ජාලා වෙබ් අඩවි තහනම කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට විදෙස් රාජතාන්ත්‍රිකයන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ලක් රජය විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලියෙන් මෙරට ජනතාව මෙන්ම විදේශීකයන් ඇතුළු විදෙස් රාජතාන්ත්‍රිකයන් ද පීඩාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු …

බෝට්ටුවක් පෙරලීමෙන් 5 ක් මරුට

(11.03.2018 – 13:29 +0530 – hirunews.lk/sinhala) නිලාවේලි – පෙරියකුලම වැවේ නෙළුම් කොළ කැඩීමට ගොස් ඔරුව පෙරළී 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ මෙලෙස මිය ගිය පිරිස අතර කුඩා ළමයින් 04 දෙනෙකු ද සිටින බවයි. අවුරුදු 06 ත්, 09 ත් අතර වයස්වල පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු මෙලෙස මිය ගිය පිරිසට …

මහනුවර සිද්ධියට මුවා වී ආණ්ඩුව අමතක කළ ප්‍රශ්න

(11.03.2018 – 20:01 +0530 – hirunews.lk/sinhala) මහනුවර ඇතිවූ කළහකාරි සිද්ධියට මුවා වී ආණ්ඩුව රටේ උද්ගතවී තිබූ ප්‍රශ්න සියල්ල අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඇල්පිටිය ප්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකින් අනතුරුවයි. ඇල්පිටිය, නවදගල ශ්‍රී ශිලාලේඛනාරාමය විහාරස්ථානයේ චෛත්‍යරජාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද (11) පස්වරුවේ සිදු …

සිංහල මුස්‌ලිම් ගැටුම මැව්වෙ රට විකුණන පනත් ගේන්නයි – මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(11.03.2018 – divaina.com) රට තුළ හදිසියේ පැනනැගුණු සිංහල මුස්‌ලිම් නොසන්සුන්තාව මහා ගින්නක්‌ සේ නැගුනේ කාගේ උවමනාවකටද යන්න ජාතිවාදය ප්‍රතික්‌ෂේප කරන සියලු දෙනාගේම අවධානයට ලක්‌ විය යුතු කාරණයකි. මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ මෙම සාකච්ඡාව ඒ පිළිබඳවය. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල තුළින් පෙනුණ දේත් රට …