Day archives: මාර්තු 10th, 2018

වවුනියාව රෝහලෙන් අතුරුදහන් වූ දින දෙකක් වයස ළදරුවා අනුරාධපුර රෝහලෙන් සොයා ගැනේ

(10.03.2018 – News e Lanka) වවුනියාව මහ රෝහලෙන් අතුරුදහන් වූ දින දෙකක් වයසැති බිළිදා 10 දා අනුරාධපුර රෝහලේදී සොයා ගත් බවත් එම දරුවා පැහැරගෙන ගිය කාන්තාව අත් අඩංගුවට ගත් බවත් වවුනියාව මුලස්ථාන පොලීසිය පවසයි. වවුනියාවේ බෝගස්වැව කාන්තාවකට මාර්තු 7 දා පිරිමි දරුවකු ලැබී ඇති අතර එම කාන්තාව වැසිකිළියට ගොස් සිටි අවස්ථාවකදී 9 දා දරුවා අතුරුදහන් …

සෞඛ්‍ය සේවාව ඉන්දියාවට විකිණීම අරඹලා !

(10.03.2018 – nethnews.lk) සෞඛ්‍ය සේවයේ ගනු ලබන තීරණ මේ වනවිට කිසිදු සොයා බැලීමකින් තොරව කිහිප දෙනෙකුගේ අවශ්‍යතා මත පමණක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ මෙරට සෞඛ්‍ය සේවාව ඉන්දියාවට විකිණීමේ ක්‍රියාවලියද මේ වනවිට ආරම්භ වී ඇති බවයි. මෙරට රෝහල්වල රෙදි සේදීමේ කටයුතු ඉන්දියානු සමාගමක් වෙත …

තහනම් පොලීතීන් වැටලීම් දිගටම

(10.03.2018 – 06:00 +0530 – sinhala.adaderana.lk) තහනම් පොලිතීන් වැටලීම් ක්‍රියාවලිය මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කරගනිමින්, පරිසර පොලිස් ඒකකයන්හි සහයෝගයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් පොලිතීන් භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා පරිභෝජනය තහනම් කෙරිණි. ලන්ච්ෂීට්, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ …

නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ හොර දොස්තරවරුන් 18 ක්

(08.03.2018 – lankatruth.com) ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියපදිංචිය නොමැති සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 18 දෙනෙකු නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සේවය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (07) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගේ නාම‍ලේඛනය තම සංගමය …

තලංගමදී බස් රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ අත්අඩංගුවට

(09.03.2018 – 18:29 +0530 – hirunews.lk/sinhala) තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි. තලංගම …