Day archives: මාර්තු 9th, 2018

මහනුවර සිද්ධියට 146 ක් අත්අඩංගුවේ

(09.03.2018 – 16:53 +0530 – hirunews.lk/sinhala) මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති …

මහනුවර කෝලාහලයට මූලික හේතුවක් මහින්ද රාජපක්ෂ මහතා හෙළිකරයි

(09.03.2018 – nethgossip.lk) ‘බරපතල තුවාල ලබලා ඉස්පිරිතාලේ ඉද්දි ඇප දුන්නා..වෙන මතයක් රටට ගියා,ඊට පස්සේ ඔවුන් අත්අඩංගුවට ගත්තේ මියගියාට පස්සේ‘ – මහනුවර කෝලාහලයට මූලික හේතුවක් මහින්ද හෙළිකරයි පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුකාරී සිදුවීම් මලාව සම්බන්ධයෙන් රජය සහ පොලිසිය වගකිවයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ පිලිබදව සාකච්ඡා කිරීමට සිංහල හා මුස්ලිම් ආගමික නායකයින් …

කොස් මල්ලිගේ හිස කෙසෙල්වත්තේ කුණු ගොඩකට ආවේ, මොහොමඩ් රිස්‌කාන්ගේ ඝාතනයට කරපු පලිගැනීමක් විදියටද ?

(09.03.2018 – webgossip.lk) අබිරහස්‌ අන්දමින් ඝාතනය කළ කඩුවෙල පාතාලයේ ප්‍රබලයකුගේ කඳෙන් වෙන් කරන ලද හිස කොටස කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ අතුරුමාර්ගයක කසළ ගොඩක තිබියදී පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) සොයා ගැනුණා. මෙහිදී ඝාතනයට ලක්‌වූ පුද්ගලයා කඩුවෙල පාතාලයේ නායකයාව සිටි රණාලේ සමයාගේ සමීපතම ගෝලයා වන කොස්‌මල්ලී නමැත්තාගේ බවට හඳුනාගෙන තිබෙන බවත් සදහන්. මෙම ඝාතනය දකුණේ පාතාලයේ නායකයා …

රත්මලාන, ගොළුමඩම හන්දිය ප‍්‍රදේශයේදී වෙඩි වැදුනු මන්ත්‍රී රෝහලේ

(09.03.2018 – nethnews.lk) රත්මලාන, ගොළුමඩම හන්දිය ප‍්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා තුවාල ලබා තිබෙනවා. ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. පාතාල සාමාජික රොහා නමැත්තා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි දැනට සිදු කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ බස්නාහිර පළාත් …

ජාතිවාදී ගැටුම් ඇවිලූ ප‍්‍රධානියා ‘මහසොහොන් බලකායේ’ අමිත් වීරසිංහ අතඅඩංගුවට.. ප‍්‍රබල ඇමතිගේ සබඳතා හෙලිවෙයි..

(08.03.2018 – 22:38 +0530 – lankacnews.com) මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14 ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි. මෙම පිරිස් විසින් ගැටුම් …

මහින්දවත් මෙහෙම මර්දනයක් කලේ නෑ .. සමාජ ජාල වැසීම කැකිල්ලෙ රජුගෙ තීන්දුවක් .. – යහපාලනය කැන්දු ෆේස්බුකිකරුවෝම ආණ්ඩුවට පලි ගහයි ..

(09.03.2018 – 03:22 +0530 – lankacnews.com) මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව හා නිදහස් මාධ්‍ය සංසදය එක්ව නිකුත් කරන ලද ඒකාබද්ද ප‍්‍රකාශණයක් මෙහි දැක්වෙයි : මාධ්‍ය නිවේදනයයි (එ්කාබද්ධ ප‍්‍රකාශයකි) 2018 මාර්තු 08 • සමාජ ජාල අඩවි අවහිරයට ගත් රජයේ තීන්දුව කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දුවක් • සමාජ ජාල භාවිත කරන නිර්දෝෂී සාමාජිකයින්ගේ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ …