Day archives: මාර්තු 8th, 2018

රණවිරු දඩයමක් ගැන ජයන්ත සමරවීර මහතා ගෙන් හෙළිදරව්වක්

(08.03.2018 – 16:49 +0530 – sinhala.adaderana.lk) බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම පිළිබඳවු ජාත්‍යන්තර ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම තුළින් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස් දඬුවම් කිරීමේ හැකියාව පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි. අද (08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව …

මහනුවර ගැටුමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(08.03.2018 – 15:43 +0530 – sinhala.adaderana.lk) මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමිත් ජිවන් වීරසිංහ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (08) අලුයම කාලයේ දී සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් සමාජ ජාලා තුළින් කලහකාරී සිදුවීම් ක්‍රමන්ත්‍රණය කරමින් සිටි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. …

සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කෙරේ

(08.03.2018 – 16:55 +0530 – hirunews.lk/sinhala) ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත වන ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්අප් වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසීම …

මැණික්හින්න පල්ලිය ගිනි තියන්න ආව වෙලාවේ මුස්ලිම් අයගේ ආරක්ෂාවට නතරවූ බෞද්ධ හාමුදුරුවො

(07.03.2018 – gossiplankanews.com) මේ ඇවිළෙමින් පවතින්නේ ජාතිවාදයකි. 1983 දීත් දෙමළ කඩවල් ගිනි තබා ප්‍රභාකරන්ලා සහ දශක තුනක යුද්ධයක් නිර්මාණය කරවූයේද මෙම නිරර්ථක ජාතිවාදයයි. මෙවන් අවස්ථාවක තමන්ගේ ජාතික කැක්කුම පෙන්වන්නට ඉදිරිපත්වන ඉතිහාසයේ පාඩම් නොදන්නා සිංහල හෝ මුස්ලිම් දෙපිරිසම අඳුරේ හෙළාගන්නේ තමන්ගේත් තම දරුවන්ගේත් අනාගතයයි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ පිරිසක් කළහකාරී ලෙස …

තෙල්දෙණියේ කලහයට ලොහාන්-දිළුම් පටලා රහස් පොලීසිය බොරු සාක්‍ෂි හදයි..

(08.03.2018 – 00:04 +0530 – lankacnews.com) ‘මේ රටේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ යන මිථ්‍යාව සනාථ කර දෙන උපකරණ ජනතාවගේ වියදමින් සකසා දීම මේ ආණ්ඩුවේ කාර්යභාරය වී ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා එසේ …

සමස්ථ ජාතියම තීරණාත්මක සන්ධිස්ථානයක.. තෙල්දෙණියේ සත්‍ය කතාව මෙන්න..

(07.03.2018 – 23:04 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය : ‘‘සමස්ථ ජාතියම අතිශයින්ම බැරෑරුම් තීරණාත්මක සන්ධිස්ථානයක ඉන්න මොහොතකයි අද අප මේ කතා කරන්නේ. මේ අවස්ථාවේ රටේ කිහිප තැනක සිදුවන ජාතිවාදී ගැටුම් වහාම නැවතුනේ නැතිනම් ශ්‍රී ලංකාව යලි ගොඩ ගත …