Day archives: මාර්තු 6th, 2018

‘දෑස පා සිනා’ ගැයූ ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය සමුගනී

(06.03.2018 – gossiplankanews.com) දශක පහකට ආසන්න කාලයක් මෙරට ගීත ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වය හිමිකර ගෙන සිටි ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් මහතාගේ භාර්යාව වූ ඇය අභවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවූවාය. ශ්‍රී ලංකා ගුවින් විදුලි සංස්ථාවේ සරල ගායිකාවක වූ ඇය චිත්‍රපට හා ගුවන් විදුලියට ගයා …

තෙල්දෙණිය – දිගන ඛේදවාචකයට හේතුව පොලීසියේ හැසිරීමයි

(06.03.2018 – sinhala.srilankamirror.com) තෙල්දෙණිය – දිගන අවසනාවන්ත සිදුවීම් ව්‍යාප්තවීමට පොලීසියේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව හේතුවී තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය කියා සිටියි. මාර්තු 4 සහ 5 දෙදින මහනුවර තෙල්දෙණිය සහ දිගන ඇති වු පහරදීම්, දේපල අලාභ කිරීම්, ගිණි තැබීම් වලක්වා ගැනීමට පොලීසිය අසමත් වූ අතර ඔවුන්ගේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව පුදුමයට කරුණක් බවත් ශ්‍රී ලංකා …

ගත් කතුවර ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ අවසන් කටයුතු 07දා

(05.03.2018 – saaravita.lk) සම්මානලාභී ප්‍රවීණ ගත් කතුවර ඇරැව්වල නන්දිමිත්‍ර මහතා පසුගියදා මෙලොවින් සමුගත්තේය. නවකතා රචකයකු, කෙටිකතා රචකයෙකු මෙන්ම ගීත රචකයකු ලෙස ද කීර්තියට පත්ව සිටි එතුමා කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරු‍ණා‍වේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවකගේ නිර්මාණකරුවා වන්නේ ඔහුය. එතුමා මියයන විට 79 හැවිරිදි වියෙහි …

ඉරණවිල දස හැවිරිදි දරුවාගේ ඝාතකයාගේ තවත් ඝාතනයක් හෙළිවෙයි

(06.03.2018 – 10:29 +0530 – hirunews.lk/sinhala) හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ (05) නියෝග කළා. මේ අතර අදාල සැකකරු මීට පෙර 2003 වසරේදී ද වයස අවුරුදු හයක දැරියක් දූෂණය කර ඝාතනයකර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය …

අගමැතිට එරෙහි විශ්වාසභංගය සහ නුගේගොඩ පොහොට්ටු රැළියකල් දමයි

අගමැතිට එරෙහි විශ්වාසභංගය කල් දමයි (06.03.2018 – 13:38 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය අද භාර නොදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ එය නුදුරු දිනකදී භාරදීමට කටයුතු කරන බවයි. එසේම රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට නුගේගොඩ පැවැත්වීමට …

දින 10 ක කාලයක් සඳහා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි

(06.03.2018 – 13:06 +0530 – hirunews.lk/sinhala) දින 10 ක කාලයක් සඳහා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගත් බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් …

ළමුන් 1000 ට වැඩි සියලු පාසල්වලට පරිපාලනයේ පහසුවට කළමනාකාරවරුන්

(06.03.2018 – 06:54 +0530 – sinhala.adaderana.lk) පරිපාලනයේ පහසුව සඳහා ළමුන් 1000 ට වැඩි සියලු පාසල්වලට ඉදිරියේ දී කළමනාකාරවරුන් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා පැවති කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට එක්වෙමින්. ළමුන් 1000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු ද, …

හිරු සී.අයි.ඒ. : වවුනියාව ඩිපෝවේ මහා පරිමාණ ඉන්ධන ජාවාරම

(05.03.2018 – 21:46 +0530 – hirunews.lk/sinhala) වවුනියාව ඩිපෝවේ ඉන්ධන බෙදාහැරීමේ සේවකයින් පිරිසක් එම ඉන්ධන සොරාගෙන අලෙවි කිරිමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණ කර ගැනීමට හිරු සි.අයි.ඒ සමත් වුණා. අද හිරු සී.අයි.ඒ. වෙන්වන්නේ ඛනිජ තෙල් සංස්ථා විශේෂ වැටලීම් ඒකකයත් සමග සිදුකළ එම මෙහෙයුම වෙනුවෙනුයි. උතුරු පළාත සදහා ඉන්ධන බෙදාහැරීමට ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි දුම්රිය ටැංකි භාවිත කරනවා. …

පනත විවාදයට පෙර නියෝජිතයින් පත් කිරීමට පොහොට්ටුවේ විරෝධය

(05.03.2018 – 22:05 +0530 – hirunews.lk/sinhala) අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමටත් පෙර එම ආයතනයේ නියෝජිතයින් පත් කිරීම පිළිබඳ විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ‘‘රටට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ රජය මකා ගන්න …

අගමැතිට එරෙහි විශ්වාසභංගයට පාර්ශව තුනක සහය

(05.03.2018 – 12:28 +0530 – hirunews.lk/sinhala) ප්‍රධාන දේශපාලන පක්ෂ 3 ක් ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට …