Day archives: මාර්තු 4th, 2018

පිං අගමැතිකම් මට එපා – අපි බලය ගන්නේ මහමැතිවරණයකින් හෝ විශ්වාශභංගයකින් – මහින්ද රාජපක්ෂ

(04.03.2018 – divaina.com) ජනවාරි අට වෙනිදා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමෙන් පසු මහින්දගේ කාලය ඉවර යෑයි සිතූ බොහෝ දෙනාට, මහින්ද ගැන අලුතින් සිතන්නට කාලය පැමිණ ඇතැයි ඔහු මතක්‌ කර දී තිබේ. ඒ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමගය. ඔහු අනාගත කාලය ගැන සිතන්නේ කෙසේද…? ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා සමග කරන ලද සාකච්ඡාවයි මේ. …

අතුරුදහන් කාර්යාලයට පත් කර ඇත්තේ කොටි ඒජන්තයන්.. එන්ජී ඕ පරපුටුවන්.. – විජේදාස රාජපක්‍ෂ

(04.03.2018 – 03:26 +0530 – lankacnews.com) අතුරුදහන් වූවන් පිලිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් ඇත. හමුදාව යුද අපරාධ කලා යයි මතය පැලකිරීමට සාදන ලද කාර්යාලයක් බවත් මෙය හමුදාව පාවා දෙන කාර්යාලයක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි. මෙම …

මාධ්‍යවේදීයාට පහරදීම ගැන නාවික හමුදාව කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

(03.03.2018 – 19:17 +0530 – sinhala.adaderana.lk) හම්බන්තොට වරාය සේවකයින්ගේ උද්ඝෝෂණයක් අතරතුර එය වාර්තා කිරීමට ගිය අද දෙරණ ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කනට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නාවික හමුදාව සමාව ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුව සමථයකට පත් කිරීමට දෙපාර්ශවයම එකඟත්වය පළ කළේය. හම්බන්තොට වරාය චීන සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් සිදුකෙරුණු …