Day archives: මාර්තු 3rd, 2018

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිඳ අගමැති හමුවෙයි

(02.03.2018 – sinhala.lankanewsweb.net) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ නිළ සංචාරයක නිතරවෙමින් සිටින අතර එහිදී මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බිරිඳ සහ අගමැතිවරයා අතර හමුවක් සිදුව ඇති බව ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වේ. ඇය අගමැතිවරයා හමු වී ඇත්තේ මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලේසියන් මහතාට ඇප ලබාගැනීමේ අරමුණෙනි. වික්‍රමසිංහ මහතා …

රනිල්, මලික්‌, වික්‍රම සහ චන්දිමාල්ලා මහපොළටත් වැඩේ දීලා – පෙරටුගාමී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ

(03.03.2018 – divaina.com) බැඳුම්කර වංචාවට සමාන මූල්‍ය වංචාවක්‌ මහපොළ භාරකාර අරමුදලේත් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස්‌ අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම …

ගොවි නායකයින්ගෙන් ආණ්ඩුවට රතු එළියක් – රටපුරා ගොවීන් සටනට සූදානම් කරයි

(02.03.2018 – lankatruth.com) රාජාංගනය වැවේ ජලය ලබාගෙන සිදු කරන පානීය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් පැවති විරෝධතාවය තිබූ ස්ථානයට සිවිල් ඇඳුමෙන් සැරසුණු මැර කණ්ඩායමක් පැමිණ සිද්ධිය ඇති කළ බවත් එහි වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් මස්ත ලංකා ගොවිජන සම්මේලනය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (02) පස්වරුවේ දඹුල්ලේදී පැවසීය. මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක …

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ‘NGO ගෝඩ් ෆාදර්’ පත්කරලා ! පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම චෝදනා

(03.03.2018 – nethnews.lk) අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා පත් කෙරුණු කොමසාරිස්වරුන් අතර එල් ටී ටී ඊ හිතවාදී ඩයස් පෝරාවට සහාය දෙන පුද්ගලයන් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වනවා. ගෝලීය සන්සදයේ උපදේශක රියාර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ විදේශ බලපැම් වලට යටවී ආණ්ඩුව එම පත් කිරීම් සිදු කර ඇති බවයි. අදාළ කොමිසමට පත් කෙරුණු දෙදෙනෙකු රටට …

ගාල්ල, රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේදී විදුලි සේවකයෙකු විදුලි සැර වැදී මියයයි

(03.03.2018 – 11:12 +0530 – hirunews.lk/sinhala) ගාල්ල, රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක නඩත්තු කටයුත්තක නිරත වී සිටි විදුලි සේවකයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි විවාහක පුද්ගලයෙක්. ඊයේ (02) සවස මෙම අනතුර සිදුවී ඇති බවයි රත්ගම පොලිසිය පැවසුවේ. මෙම සිද්ධියත් සමඟ සිරිකඳුර වත්ත ප්‍රදේශයේ …

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

(03.03.2018 – 07:37 +0530 – hirunews.lk/sinhala) කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා. දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ. අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසුවුණා ෴ ++++++++++++++++++++++++++++++ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ අදාහන පූජෝත්සවය බදාදා (07.03.2018) (03.03.2018 – nethnews.lk) අපවත්වී වදාළ කොළඹ …

අද (මාර්තු 02) ඉතිහාසයේ මහා පාවාදීමේ දිනයයි.. හේතුව මෙන්න.. – මහින්ද විශේෂ හෙළිදරව්වක..

(02.03.2018 – 23:04 +0530 – lankacnews.com) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත් කර ඇති කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩි විරෝධය පල කරයි. හමුදාව යුද අපරාධ කලේ යයි දැනටමත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල අය හා එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් ඒ සදහා පත් කර තිබීමෙන්ම පෙනී යන්නේ ‘හොරාගෙ අම්මගෙන් …