Category «බෙදුම්වාදී දේශීය කුමන්ත්‍රණ»

හෝටල් 3 ක බෝම්බ පුපුරලා එකක විතරක් පිපිරුවේ නැත්තේ ඇයි? දයාසිරි කමිටුවෙන් ප්‍රශ්න කරයි

(10.07.2019 – 15:44 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ තමාටද …

විශ්වාසභංග යෝජනා විවාදය ඇරඹෙයි

(10.07.2019 – 12:24 +0530 – sinhala.adaderana.lk) ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත් වෙයි. විවාදය ආරම්භ කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින්. මේ අතර විවාදය ආරම්භ වීමට පෙර පැවති ප්‍රශ්න විමසීමේ වටයේදී අනුර කුමාර දිසානායක මහතා සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් …

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත

(09.07.2019 – 19:25 +0530 – sinhala.adaderana.lk) ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500 ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා චෝදනා කරයි. ලක්ෂ 11 ක රසිකයින් පිරිසක් සිටි තම ෆේස්බුක් ගිණුම අක්‍රීය කිරීම සම්බන්ධයෙන් අද දෙරණ ‘TALK WITH CHATHURA’ වැඩසටහන සමඟ අදහස් දක්වමින් ඔහු මේ …

ෂරියා නීතිය යටතේ ඝාතන සිදුකළ බවට, මැදගොඩ හිමියන් කළ හෙළිදරව්ව ගැන, සී.අයි.ඩී යෙන් පරීක්ෂණ

(08.07.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala) පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පසුගිය ජුනි 4 වන දා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. පූජ්‍ය අභයතිස්ස හිමියන් විසින් එහිදී හෙළිදරව්ව කර තිබුණේ ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව …

ශ්‍රීලනීපයේ සිහින ඉටුවෙයි ද? ජනපතිවරණය කල් යයි ද?

(08.07.2019 – 06:31 +0530 – lankacnews.com) ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනතරම් සිහින මැව්වත් 2019 සැප්තැම්බර් 07 සහ ඔක්තෝම්බර් 26 අතර මැතිවරණ කොමිසම විසින් ජනපතිවරණය ප්‍රකාශයට පත් කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද දින (ජූලි 07) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල …

මා අර්ජුන් මහේන්ද්‍රන් මෙන් පල් හොරෙක් නොවේ කියමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අධිකරණයට බාර වේ.. සම්පූර්ණ පැහැදිලි කිරීම මෙන්න..

(08.07.2019 – 10:40 +0530 – lankacnews.com) තමන් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂක සේවාවේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා කරුණු දැක්වීමක් සිදු කරයි. සිය ෆේස්බුක් ගිණුමේ ඒ මහතා විසින් තබා ඇති සටහන මෙසේය : නිශ්ශංක සේනාධිපති වන මා පන්නරය ලැබුවේත්, මාගේ ජීවිතය හැඩ ගස්වා ගනු ලැබුවේත් …

එම්.සී.සී. ගිවිසුමට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේනම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදුවේවි – ඇමරිකාව ලංකාවට කියයි

(07.07.2019 – nethgossip.lk) මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. යනු ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් බවයි. එසේම ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු දැනට ප්‍රචාරය වෙමින් පවතින බවද තානාපති කාර්යාලය නිකුත් කළ …

රටට නොගැලපෙන කිසිදු විදේශීය ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ නොදෙන බව ජනපති කියයි

(06.07.2019 – 17:18 +0530 – hirunews.lk/sinhala) රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැලපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, බිබිල මහජන ක්‍රීඩාංගනයේ අද පැවති රට වෙනුවෙන් එකට සිටිමු – මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සහ සමාප්ති වැඩසටහනට …

වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළිය : ත්‍රස්තවාදය ගොඩනැඟුණේ රාජ්‍ය අනුග්‍රහයෙන් – විමල් වීරවංශ

(05.07.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk) රට තුළ ඇති ත්‍රස්තවාදය රාජ්‍ය අනුග්‍රහය යටතේ ගොඩනැඟු ත්‍රස්තවාදක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළියක් ඊයේ (04) නුගේගොඩදී පැවැති ජන හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. සහාරන් හෂිම් එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවට පාර්ලිමේන්තු කාරක සභා වෙත පැමණි …

මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටුවයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(05.07.2019 – 14:02 +0530 – sinhala.adaderana.lk) මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ලැබුවේය. බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළේය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා …