Category «බෙදුම්වාදී දේශීය කුමන්ත්‍රණ»

රනිල් වික්‍රමසිංහ මොනතරම් කට්ටද කිව්වොත් වරාය වික්කෙව්වෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් ලවා – මහින්ද රාජපක්ෂ

(26.07.2019 – 13:07 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීය. මෙම ගිවිසුම්වලට එළඹුනේ අද (26) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ …

වෛද්‍ය ෂාෆිට ඇප (යාවත්කාලිතයි 28.07.2019)

(25.07.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk) මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම …

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රි 8 සිට පැය 14 ක ජල කප්පාදුවක්

(25.07.2019 – 13:53 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් අද (25) රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර …

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක් වතුර කපයි

(23.07.2019 – 12:48 +0530 – sinhala.adaderana.lk) කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද (23) පස්වරු 06.00 සිට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව එම මණ්ඩලය සදහන් කළේය. …

අඳුරේ අතපතගාමින් ජාතික ආරක්‍ෂාව සෙවු හැටි

(22.07.2019 – 19:43 +0530 – lankadeepa.lk) අහිංසක කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනකු මරු තුරුලට යවමින්, ලොවක් කම්පනයට පත්කළ පාස්කු ඉරිදා සංහාරය සිදුව මාස 3 ක් ගතව අවසන්ය. ප‍්‍රහාරයට හසුවූ 500 ක් පමණ දෙනා තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ලද තුවාල කැළැල්, අයි.එස්. සංවිධානයේ ඉගැන්වීම්වලින් උසි ගැන්වුනු මුස්ලිම් අන්තවාදීන් සිදුකළ පාස්කු ඉරිදා සංහාරයේ අමිහිරි මතකය …

ෂාෆි කළේ වඳ සැත්කම් විතරද…? ත‍්‍රස්තවාදයටත් සම්බන්ධලු – නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න

(21.07.2019 – divaina.com) නීතිය ඉදිරියේ පවා අසරණවී සිටින සත්‍යය, නිර්භයව ඉදිරියට ගෙන ඒමේ වගකීම ඔවුහු සිය දෙවුර මතට ගත්හ. කිසිදු වාසියක් ප‍්‍රයෝජනයක් නොමැතිව සිය මුදල්, කාලය ඔවුන් විසින් සත්‍යය සහ ජාතිය වෙනුවෙන් වියදම් කරනු ලබන්නේ, සිය ජීවිත පමණක් නොව අඹු දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ද පැත්තක දමාය. ෂාෆි විසින් කරන ලද සංහාරය සහ ෂාෆිගේ අපරාධ ගොනුවේ …

අගමැති ජෝන් ඩොයිලිගේ අවතාරය ද ? රතන හිමිගෙන් ප්‍රශ්ණයක්

(21.07.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 3 ක් සපිරීම නිමිත්තෙන් අද ගුණසමරු උත්සවයක් පැවැත්වුණා. ඒ, පිළියන්දලදී නගර සභා ශාලාවේදීයි. අමරනීය මිනිසා ලෙස නම් කර තිබූ සෝමවංශ අමරසිංහ මහතාගේ 3 වන ගුණසමරු උත්සවයට මහා සංඝරත්නරය, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. …

මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…

(21.07.2019 – 13:20 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යවන්න බෑ. එසේ යැවීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස්දීම නීති විරෝධීයි! බාසල් සම්මුතිය උල්ලංඝණය කිරීමක්! පසුගිය වසර කිහිපයතුළ මෙරටට ආනයනය කරන ලද කසල කන්ටේනර් අතරින් කටුනායකදී හමුවූ …

හිස්බුල්ලාට තහනම් සංවිධානයකින් කෝටි 1757 ක්

(19.07.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala) ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ හෙවත් ‘මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය’ සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ, එම ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු …

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය …